රුපියල් ලක්ෂ 355 ක අල්ලසක් හුවමාරු කර ගැනීමේ චෝදනාවක් සම්බන්ධයෙන් ඇවන්ගාඩ් සභාපති නිශ්ශංක සේනාධිපතිට සහ ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු සම්බන්ධීකරණ නිලධාරී මේජර් ජෙනරාල් පාලිත ප්‍රනාන්දුට එරෙහිව අල්ලස් කොමිසම ඊයේ (03) කොළඹ මහාධිකරණය හමුවේ සංශෝධිත පැමිණිල්ලක් ගොනු කළේය.
නාවික හමුදාව යටතේ පැවති මුහුදු ආරක්ෂක කටයුතු ඇවන්ගාඞ් සමාගමට පැවරීමට අදාළව රුපියල් ලක්ෂ 355 ක මුදලක් අල්ලස් ලෙස ලබාදුන් බවට සහ ලබාගත් බවට ඔවුන්ට එරෙහි චෝදනා වෙයි.
මහාධිකරණය හමුවේ අධිචෝදනා 47 ක් ගොනුකරමින් අල්ලස් කොමිසම ඊයේ (03) දිනයේ අධිකරණය හමුවේ සඳහන් කර සිටියේ මීට අදාළව සාක්ෂි 30 ක් සහ ලේඛණ 55 ක් අධිකරණය වෙත ඉදිරිපත් කරන බවයි.
(DE සිල්වා)








