FAST NEWS

24×7 Around the Globe

නුවරගලතැන්න රක්ෂිතයේ ගින්නක්.

මංගලගම, නුවරගලතැන්න රක්ෂිතයේ ගින්නක් හටගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසුවේ, නුවරගල රක්ෂිතයේ, ඇත්බැද්දේගල හා ඇතාගල කන්ද ප්‍රදේශවල ගින්න පැතිරී ඇති බව ය.

පොලීසිය, විශේෂ කාර්ය බලකාය හා යුද හමුදා නිලධාරීන් එක්ව ගින්න මැඩපැවැත්වීම සඳහා ක්‍රියා කරමින් සිටින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ ය.