FAST NEWS

24×7 Around the Globe

උසස් පෙළ විභාග පිළිතුරු පත්‍ර ඇගයිමට පාසල් 27 ක්..

2017 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාග පිළිතුරු පත්‍ර ඇගයීමේ  පළමු අදියර යටතේ සැප්තැම්බර් මස 7 වනදා සිට 20 වනදා පාසල් 27ක් යොදාගැනීමට නියමිත බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

මෙම ඇගයීම් කටයුතු සඳහා පාසල් 5ක් සම්පූර්ණයෙන් යොදා ගැනිමට නියමිත බවත් අතර පාසල් 22ක් අර්ධ වශයෙන් යොදාගැනීමට නියමිත බව එම දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව ඇගයීම් කටයුතු සඳහා සම්පූර්ණයෙන් වසා තැබෙන පාසල්වල තෙවන පාසල් වාරය සැප්තැම්බර් මස 21 වනදා ආරම්භ වේ.

කොළඹ රාජකීය විද්‍යාලය, මහනුවර කිංග්ස්වුඩ් විද්‍යාලය, මහනුවර විහාරමහා දේවී බාලිකා විද්‍යාලය, මහනුවර ස්වර්ණමාලී බාලිකා විද්‍යාලය, මහනුවර සීතාදේවී බාලිකා විද්‍යාලය මෙලෙස පූර්ණ වශයෙන් වසා තැබෙන පාසල් 05 ට අයත් වෙයි.

අර්ධ වශයෙන් වසා තැබෙන පාසල්වල තෙවන වාරය නියමිත පරිදි සැප්තැම්බර් මස 6 වැනිදා ආරම්භ වන බව විභාග දෙපාර්තමේන්තුව වැඩි දුරටත් සඳහන් කළේය.

(DE සිල්වා)