FAST NEWS

24×7 Around the Globe

ජංගම දුරකථනයේ දත්ත විනාශ නොකරන්නැයි ඇලෝසියස්ට නියෝගයක්..

බැදුම්කර කොමීසම භාරයේ ඇති ජංගම දුරකථනයේ දත්ත වෙනස් කිරීමට විනාශ කිරීම වලකන්මීන් ජනාධිපති කොමීසම අද (03) අර්ජුන් ඇලොසියස් වෙත නියෝගයක් නිකුත් කර ඇති බව වාර්තා වේ.

මීන් පෙර සිය බිරිඳගේ ජංගම දුරකථනය මගින් සිය ඇපල් ජංගම දුරකථන ගිණුමට ඇතුල් වීමට උත්සාහ කර ඇති බවට බැදුම්කර කොමීසම හමුවේ අනාවරණය විය.

එසේම පර්පචුවල් ට්‍රේෂරිස් සමාගමේ ප්‍රධාන විධායක නිළධාරී කසුන් පලිසේන මහතාගේ ජංගම දුරකථනය හා ලැප්ටොප් පරිගණකය කොමීසමේ ලේකම්වරයා වෙත බාර දෙන්නැයිද නියෝගයක් නිකුත් කර ඇති බව වැඩි දුරටත් වාර්තා වේ.

(DE සිල්වා)