FAST NEWS

24×7 Around the Globe

උසස් පෙළ විභාග ආශ්‍රීතව විශේෂ ඩෙංගු මර්දන වැඩ සටහන්..

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ හා පහ වසර ශිෂ්‍යත්ව විභාගය ආරම්භයට පෙර හා ආරම්භයෙන් පසු විභාග පැවැත්වෙන දින හැර අනෙක් දිනවල දී විභාගයට බාධා නොවන ලෙස විභාග මධ්‍යස්ථාන පිහිටි පාසල් ධූමානය කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය දැනුම් දී තිබේ.

මේ දිනවල ඩෙංගු රෝගය ව්‍යාප්තවීමේ අවදානමක් පවතින බැවින් දරුවන්ගේ ආරක්ෂාව උදෙසා මෙම තීරණය ගත් බව විභාග කොමසාරිස්වරයා සදහන් කළේය.

තවදුරටත් විභාගය පැවැත්වෙන වේලාවන් තුළ දී සිසුන් ඩෙංගු මදුරු දෂ්ටනයෙන් ආරක්ෂා කරගැනීම සදහා මදුරු විකර්ෂණ ආලේපන භාවිතා කිරීමට අවධානය යොමු කරන ලෙස විභාග කොමසාරිස්වරයා දෙමාපියන්ට දැනුම් දීමක් කර තිබේ.