FAST NEWS

24×7 Around the Globe

‘මොනෑක්එපාර්ට්මන්ට්’ බදු ගැනීම හා මීලට ගැනීම දන්නේ නෑ..

කොල්ලුපිටියේ ‘මොනෑක්එපාර්ට්මන්ට්’ එකේ නිවස මුලින් බදු ගැනීම හා පසුව මිලට ගැනීම පිළිබඳ තමන් කිසිවක් නොදන්නා බව හිටලු මුදල් අමාත්‍ය හා වර්තමනා විදේශ කටයුතු අමාත්‍ය රවි කරුණානායක මහතා බැඳුම්කර කොමිසම හමුවේ අද (02දා) පැවසීය.

‘මොනෑක්එපාර්ට්මනට්’ එකේ නිවස මිලට ගැනීමට කටයුතු කොට ඇත්තේ තම බිරිඳ හා වැඩිමහල් දියණිය අධ්‍යක්‍ෂධුර දරන සමාගමෙන් බවත් හෙතෙම පැවසීය.

‘මොනෑක්එපාර්ට්මන්ට්’ එකේ නිවස පිළිබඳ තමන් මුලින්ම දැනගත්තේ බද්දට ගත් එම නිවසේ පදිංචියට ගිය දිනයේදී බව පැවසූ විදේශ කටයුතු අමාත්‍ය රවි කරුණානායක මහතා තමන් බිරිඳ හා දියණියන් තිදෙනා සමග හොඳ පවුල් ජීවිතයක් ගත කළද, සෑම තොරතුරක්ම තමන්ට දැනුම් දෙන්නේ නැතැයිද වැඩිදුරටත් පැවසීය.

කොමිසමෙන් දැනුම්දීම් කළ තුන්වැනි දිනයේදී කොමිසම හමුවේ පෙනී සිටි විදේශ කටයුතු අමාත්‍ය රවි කරුණානායක මහතාගෙන් පැය 4 1/2ක පමණ කාලයක් පුරා ප්‍රශ්න කරමින් කොමිසම හමුවේ ඔහුගේ සාක්‍ෂි විමසීය.

(DE සිල්වා)