FAST NEWS

24×7 Around the Globe

ශ්‍රී ජයවර්ධනපුර රෝහ‍ලේ ගාස්තු ඉහළට…

අර්ධ රාජ්‍ය ආයතනයක් ලෙස ක්‍රියාත්මක වන ශ්‍රී ජයවර්ධනපුර රෝහ‍ලේ නේවාසිකව ප්‍රතිකාර ලබන රෝගියකුගෙන් මෙතෙක් අය කළ රුපියල් 650 මුදල අගෝස්තු 01 දා සිට රුපියල් 850 දක්වා වැඩිකර ඇතැයි රෝහල් වෘත්තීය සමිතිය චෝදනා කරයි.

එසේම මෙම ඉහළ දැමීමට අමතරව රෝගීන්ගේ බිල්පතට හෙද ගාස්තු ලෙස රුපියල් 300ක මුදලක්ද එක්කර ඇතැයි ඔවුහු පෙන්වා දෙති.

මේ අයුරින් ප්‍රතිකාර ලබන රෝගීන්ගෙන් අය කරනු ලබන මුදල් වැඩි කළත් ලැබෙන සේවාවන්හි ගුණාත්මක භාවය අඩු මට්ටමක පවතින බවද එම වෘත්තිය සමිති පවසයි.

එසේම මේ සම්බන්ධව මාධ්‍ය වෙත අදහස් දැක්වූ රෝහල් අධ්‍යක්ෂ සුසිත සේනාරත්න මහතා කියා සිටියේ මෙසේ ගාස්තු ඉහළ නැංවූයේ 2008 වසරින් පසුව බවයි.

රෝගියකු රෝහල් ගත කළ පසු විදුලිය සහ ජලය වෙනුවෙන් විශාල පිරිවැයක් රෝහලට දරන්නට සිදුවන බැවින් නේවාසික රෝගීන්ගෙන් රුපියල් 200ක මුදලක් සහ බිල්පතට හෙද ගාස්තු වශයෙන් රුපියල් 300ක අමතර මුදලක් එක් කිරීමට සිදුව ඇති බව හෙතෙම වැඩි දුරටත් පැවසීය.

(DE සිල්වා)