නෙවිල් ප්‍රනාන්දු රෝහල රජයට පවරා ගැනීම හා සයිටම් ආයතනය පවත්වා ගෙන යාම පිළිබඳව සොයා බැලීමට ජනාධිපති කොමිසමක් පත් කරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.
නෙවිල් ප්‍රනාන්දු රෝහල රජයට පවරා ගැනීමේදී හා සයිටම් ආයතනය පවත්වාගෙන යාම සඳහාත් දේශපාලනඥයන් ගණනාවක් මැදිහත් වී සිටින බවත්, මේ ආකාරයට පෙනී සිටීම පිළිබඳව හා පවරා ගැනීමේදී සිදුව තිබෙන මූල්‍ය ගනුදෙනු පිළිබඳව සොයා බැලීමට ජනාධිපති කොමිසමක් පත් කළ යුතු බවදඑම සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය නවින්ද සොයිසා මහතා අද (02) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී සඳහන් කළේය.
(DE සිල්වා)








