2020 වන විට හොඳ ණය පාලනයක් ඇති කර ගෙන 2025 වසර වන විට කිසිදු ගැටලුවක් නොමැතිව ණය ගෙවා දැමීමට හැකි පසුබිම නිර්මාණය කර ඇති බව ,ජාතික තරුණ සේවා සභාව මගින් සංවිධානය කරන තරුණ සංවර්ධන කොඩි ව්‍යාපාරයේ කොඩි පැලඳවීමේ අවස්ථාවට අරලිය ගහ මන්දිරයේදී අද (02) එක්වෙමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය.
“මෙරට ජාතික ණය අපට විශාල ප්‍රශ්නයක් වී තිබුණා. ජාතික ණය තරුණ පරපුරට උරුම කරන්නට සිදුවේදැයි සැකයක් තිබුණා. 2020 වන විට හොඳ ණය පාලනයක් ඇති කර ගෙන 2025 වසර වන විට කිසිදු ප්‍රශ්නයක් නොමැතිව ණය ගෙවා දැමීමට හැකි පසුබිම අප විසින් නිර්මාණය කර තිබෙනවා.
මේ වන විට සංවර්ධන ව්‍යාපෘති ගණනාවක් ක්‍රියාත්මක වෙමින් තිබෙනවා. ඒ තුළින් හොඳ අනාගතයක් නිර්මාණය කරන්නට හැකියාව ලැබේවි. අපනයන කර්මාන්ත දියුණු කිරීමෙන් සීඝ්‍ර ලෙස මුදල් උත්පාදනය කිරීමට හැකි වනවා. නැවත අපට ණය ගන්නා ජාතියක් හෝ හිඟන ජාතියක් බවට පත්වීමට අවශ්‍ය නැහැ. ඊට වඩා හොඳ අනාගතයක් ඔබට ලබාදීම අපේ අරමුණයි.”
(DE සිල්වා)








