විදෙස් රටවල් සහ උතුරේ දේශපාලනඥයන් කියන අයුරින් උතුරින් හමුදාව ඉවත් කළ නොහැකි යෑයි යාපනයේදී පොලිස් නිලධාරීන්ට පහරදීමේ සිද්ධියෙන් සනාථ වන බව වරාය හා නාවික කටයුතු ඇමැති මහින්ද සමරසිංහ මහතා ඊයේ (01) කොළඹ ඩාර්ලි පාරේ¨ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය.
එම ප්‍රහාරය පිටුපස එල්. ටී. ටී. ඊ. හිටපු සාමාජිකයන් සිටින බව විමර්ශනවලදී තහවුරු වී ඇතැයි පැවසූ ඇමැතිවරයා යුද්ධයෙන් පසු පුනරුත්ථාපනය කළ හිටපු එල්. ටී. ටී. ඊ. සාමාජිකයන් දොළොස්දහසක් පමණ එම පළාතේ සිටින බවද හෙතෙම පැවසීය.
එසේම ඔවුන් නිසි ලෙස පුනරුත්ථාපනය වූයේද යන්න ගැටලුවක් බවත් එහෙයින් උතුරේ ආරක්ෂාව වෙනුවෙන් හමුදා එහි රැඳී සිටීම අනිවාර්ය බවත් අමාත්‍යවරයා වැඩි දුරටත් පෙන්වා දුන්නේය.
(DE සිල්වා)








