FAST NEWS

24×7 Around the Globe

ජවිපෙට එරෙහිව ජනිපේ මානව හිමීකම් යති.

ජනතා විමුක්ති පෙරමුණට එරෙහිව ජාතික නිදහස් පෙරමුණ අද (20දා) දින ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.

ජනතා විමුක්ති පෙරමුණේ බස්නාහිර පළාත් සභා මන්ත්‍රී සුනිල් වටගල මහතා පළාත් සභා මන්ත්‍රීවරයෙකුගේ බලතල හා වරප්‍රසාද යොදාගෙන මහ මැතිවරණයට ඉදිරිපත්ව ඇතැයි සඳහන් කරමින් ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක මොහොමඩ් මුසම්මිල් සහ නීතීඥ කපිල ගමගේ යන මහත්වරුන් විසින් මෙම පැමිණිල්ල ඉදිරිපත් කළහ.