අද(01) දහවල් ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ ඛනිජ තෙල් වෘත්තීය සමිති නියෝජිතයින් අතර විශේෂ සාකච්ඡාවකින් අනතුරුව සිය වෘත්තීය ක්‍රියාමාර්ගය අත්හිටුවීමට ඛනිජ තෙල් වෘත්තීය සමිති නියෝජිතයින් තීරණය කර ඇති බව වාර්තා වේ.
හම්බන්තොට තෙල් ටැංකි සංකිර්ණය සංස්ථාවට පැවරීම ඇතුළු ඛනිජ තෙල් වෘත්තීය සමිති සිදුකළ ඉල්ලීම් කිහිපයක් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා දෙපාර්ශවය අතර අද මෙම විශේෂ සාකච්ඡාව පැවැත්වුණී.
සිය ඉල්ලීම් සඳහා විසඳුම් ලබා නොදීමට එරෙහිව පසුගිය 24 වනදා මධ්‍යම රාත්‍රී සිට දින දෙකක් ඛනිජ තෙල් වෘත්තීය සමිති විසින් වැඩ වර්ජනයක් සිදුකරනු ලැබීය.
(DE සිල්වා)








