FAST NEWS

24×7 Around the Globe

ටී.එන්.එ මන්ත්‍රීන් තිදෙනෙකුගෙන් සී.අයි.ඩී ය ප්‍රශ්න කරයි..

දෙමළ ජාතික සන්ධානයේ උතුරු පළාත් සභා මන්ත්‍රීවරුන් එම්.කේ සිවාජිලිංගම්, එම් ත්‍යාගරාජා සහ එස් පසුපතිපිල්ලේවන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රශ්න කර ඇති බව වාර්තා වේ.

මෙම ප්‍රශ්න කිරීම් යාපනය පොලිස් ස්ථානය තුළ සිදුව ඇති බවත් වාර්තා වේ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මුලතිව් සංචාරයට එරෙහිව මන්ත්‍රී එම්.කේ සිවාජිලිංගම් සිදුකළ ප්‍රකාශයක් පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙම ප්‍රශ්න කිරිම් සිදුකර ඇති බව වැඩි දුරටත් වාර්තාවේ.

(DE සිල්වා)