FAST NEWS

24×7 Around the Globe

තෙල් සේවකයෝ 16 කට ඇප ලැබෙති..

කොළොන්නාව තෙල් ගබඩා සංකීර්ණයේ උද්ඝෝෂණයක නිරතවූ බව කියන එහි සේවකයන් 16 දෙනකු රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප මත මුදා හැරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද(1) නියෝග කළේය.

අදාළ සැකකරුවන් 16 දෙනකු අත්අඩංගුවට ගන්නැයි වරෙන්තු කැඳවා තිබුණු අතර ඔවුහු අද උසාවියේ පෙනී සිටීමෙන් පසු වරෙන්තු ආපසු කැඳවමීන් අධිකරණය ඇප නියම කළේය.

(DE සිල්වා)