FAST NEWS

24×7 Around the Globe

දෙවතාවක් මගහැරුණු ඇමති රවී හෙට බැදුම්කර කොමීසමට..

විදේශ කටයුතු ඇමැති සහ හිටපු මුදල් ඇමැති රවි කරුණානායක මහතාගෙන් සාක්‍ෂි ලබා ගැනීම සඳහා ඒ මහතා හෙට (02 ) පෙරවරු10.00 ට ජනාධිපති බැඳුම්කර කොමිසම හමුවට කැඳවා ඇත.

ඉකුත් ජුලි 25 සහ 26 දිනවලදී අමාත්‍යවරයාට කොමිසමට පැමිණීමට නොහැකි වීම නිසා හෙට (02) දිනයේ කොමිසම හමුවේ පෙනී සිටින්නැයි ඔහුට දන්වන ලෙස කොමිසමේ සභාපති ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කේ. ටී. චිත්‍රසිරි මහතා එ මහතා වෙනුවෙන් කොමිසම හමුවේ පෙනී සිටි ජනාධිපති නීතිඥ රියන්සි අර්සකුලරත්න මහතාට ඉකුත් ජුලි 26 දා දැනුම් දුන්නේය.

(DE සිල්වා)