FAST NEWS

24×7 Around the Globe

දුම්රිය රියැදුරෝ මධ්‍යම රාත්‍රී සිට වර්ජනයකට යති..

S10 දුම්රියවල හා චීන දුම්රිය මැදිරිවල පවතින තාක්ෂණික දෝෂ නිවැරදි නොකිරීමට එරෙහිව අද (01) මධ්‍යම රාත්‍රී 12.00 සිට දුම්රිය එන්ජින් රියදුරන් වැඩ වර්ජනයක නිරතවන බව ශ්‍රී ලංකා දුම්රිය එන්ජින් රියදුරු සංගමය සඳහන් කරයි.

පවතින තාක්ෂණික දෝෂ නිවැරදි නොකර, දුම්රිය ධාවනයේදී සිදුවන විවිධ දෝෂ තත්ත්වයන් සම්බන්ධයෙන් දුම්රිය රියදුරන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමට බලධාරීන් කටයුතු කරන බවද එම සංගමය පෙන්වා දෙයි.

එ අනුව මෙම තත්වය නිවැරදි කරන ලෙස ඉල්ලා S10 දුම්රියවල හා චීනයේ නිෂ්පාදිත දුම්රියවල සේවයෙන් ඉවත් වන බවද එම සංගමය වැඩි දුරටත් පෙන්වා දෙයි.

(DE සිල්වා)