FAST NEWS

24×7 Around the Globe

නෙවිල් ප්‍රනාන්දු රෝහලේ රෝගී සත්කාරකය අද සිට නොමීලේ..

වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු මහතා විසින් රජයට පරිත්‍යාග කරන ලද මාළඹේ නෙවිල් ප්‍රනාන්දු පෞද්ගලික රෝහල අද (01) දින සිට සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක ශික්ෂණ රෝහලක් ලෙස රෝගී සත්කාරක සේවා ආරම්භ කරන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යංශය සඳහන් කරයි.

එ අනුව මෙම රෝහල මගින් අද දින සිට ජනතාවට නොමිලයේ ප්‍රතිකාර සේවා ලබාගත හැකිය.

ඒ අනුව සියලු ම රෝගීන්ට අවශ්‍ය ඖෂධ ද නොමිලේ ලබාදෙන අතර, ඒ සඳහා වූ ඖෂධ ඊයේ (31) පස්වරුව වන විට වෛද්‍ය සැපයුම් අංශය විසින් මාලඹේ නෙවිල් ප්‍රනාන්දු ශික්ෂණ රෝහලට ලබාදීමට කටයුතු කළ බවද එම අමාත්‍යංශය පවසයි.

(DE සිල්වා)