FAST NEWS

24×7 Around the Globe

ජාතික විගණන පනත නීතිපති අනුමැතියට යැවේ..!

ජාතික විගණන පනත නීතිපති දෙපාර්තමේන්තුවේ අනුමැතිය සඳහා යොමුකර ඇති බව වාර්තා වෙයි.

නීතිපතිවරයාගේ සහතිකය ලබාගැනීමේ අරමුණින් අදාළ පනත නීතිපති දෙපාර්තමේන්තුවට යොමුකර ඇති බව රජයේ ආරංචි මාර්ග කියයි.

නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුව ජාතික විගණන පනත සකස් කර පසුගියදා රජයට භාරදෙනු ලැබු අතර ,ඒ අනුව අදාළ පනත ව්‍යවස්ථවාට අනුකූල ද යන්න සහතික කළ යුතු වන්නේ නීතිපති දෙපාර්තමේන්තුව විසිනි.

එ අනුව නීතිපති සහතිකය ලැබීමෙන් පසු එය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බවත් ,ඉදිරි මාසයක කාලය තුළ ජාතික විගණන පනත සම්තර ගැනීමට සැලසුම් කර ඇති බව රජයේ ආරංචි මාර්ග වැඩි දුරටත් පවසයි.

(DE සිල්වා)