FAST NEWS

24×7 Around the Globe

පෝය සහ ඉරිදා දිනවල උපකාරක පන්ති තහනම් කෙරේ..

පසළොස්‌වක පොහෝ දිනයේ සහ ඉරිදා දිනවල පස්‌වරු 2.00 දක්‌වා උපකාරක පන්ති පැවැත්වීම තහනම් කිරීමට කටයුතු කරන බවත් අවශ්‍ය වුවහොත් පනතක්‌ ගෙන ඒමට කටයුතු කරන බවත් අධිකරණ හා බුද්ධ ශාසන ඇමැති විඡේදාස රාජපක්‍ෂ මහතා පෙරේදා (29) මහරගම ප්‍රදේශයේ පැවැති උත්සවයකට සහභාගි වෙමින් පැවසීය.

මේ සම්බන්ධයෙන් උපකාරක පන්ති ගුරුවරුන් සමඟ එකඟතාවකට පැමිණීම සඳහා සාකච්ඡා පවත්වා ඇති බවත් එහි තවත් සාකච්ඡා කිහිපයක්‌ ඉදිරියේදී පැවැත්වීමට නියමිත බවත් අමාත්‍යවරයා සදහන් කලේය.

එම සාකච්ඡාවලදී එකඟතාවකට පැමිණීමට නොහැකි වුවහොත් පාර්ලිමේන්තුව හරහා පනතක්‌ මගින් අදාළ තීරණය ක්‍රියාවට නංවන බව ද අමාත්‍යවරයා තවදුරටත් කියා සිටියේය.