FAST NEWS

24×7 Around the Globe

ඩෙංගු රෝගීන් වැඩියෙන්ම වාර්තා වූ වර්ෂය ලෙස 2017 පත්වෙයි..

මෙම වසරේ (2017) ගතවූ මාස හතක කාලය තුළ දිවයිනේ ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව එක්‌ලක්‍ෂ දොළොස්‌දහසක්‌ දක්‌වා (1,12,000) ඉහළ ගොස්‌ ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

එසේම ගතවූ මාස හත තුළදී දිවයිනෙන්ම ඩෙංගු මරණ 320 ක්‌ වාර්තා වන බවද අමාත්‍යාංශය පවසන අතර ඉතිහාසයේ වැඩිම ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාවක්‌ වාර්තා වූ වර්ෂය ලෙස 2017 වර්ෂය සැලකෙන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් වෛද්‍ය ජයසුන්දර මහතා පැවැසීය.

මෙම කාලය තුළ වැඩිම ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාවක්‌ වාර්තා වී ඇත්තේ කොළඹ දිස්‌ත්‍රික්‌කයෙන් වන අතර එම සංඛ්‍යාව 23,574 කි.

මීට අමතරව කළුතර, ගම්පහ, පුත්තලම, කුරුණෑගල, ත්‍රිකුණාමලය, ගාල්ල, මාතර යන දිස්‌ත්‍රික්‌කවලින්ද ඩෙංගු රෝගීන් වැඩිවශයෙන් වාර්තා වී තිබේ.

කඩින් කඩ වැසි ඇතිවුවහොත් ඩෙංගු රෝගය තව තවත් ව්‍යාප්ත විය හැකි බවත්, මේ නිසා තම තමන්ගේ නිවාස, පරිශ්‍ර නිරන්තරයෙන්ම පවිත්‍රව තබාගැනීමට පියවර ගන්නා ලෙසත් ජාතික ඩෙංගු මර්දන ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ ප්‍රසිලා සමරවීර මහත්මිය ජනතාවගෙන් ඉල්ලා සිටී.