FAST NEWS

24×7 Around the Globe

මාලදිවයින් ජාතිකයන්ට ලංකාවේදී වකුගඩු සැත්කම් සිදුකිරීමේ අවස්ථාව ලැබෙයි..

වකුගඩු ජාවාරම හේතුවෙන් ඉන්දීය ජාතිකයන්ට ශ්‍රී ලංකාවේ වකුගඩු සැත්කම් සිදුකිරීම තහනම් කර තිබුණද, එය මාලදිවයිනට වලංගු නොවන බව සෞඛ්‍ය, අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.

සාර්ක් රටවල සෞඛ්‍ය අමාත්‍යවරුන්ගේ සමුළුවට දිවයිනට පැමිණි මාලදිවයින සෞඛ්‍ය අමාත්‍ය අබ්දුල් නසීම් ඊබ්‍රහිම් මහතා සහ සෞඛ්‍ය අමාත්‍යවරයා අතර පැවැති සාකච්ඡාවකදී අමාත්‍යවරයා මේ බව පැවසීය.

මාලදිවයින් ජාතිකයන්ට ශ්‍රී ලංකාවේ දී වකුගඩු සැත්කම් සිදුකිරීම පිළිබඳ මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡාවට බඳුන් වී තිබේ.

මාලදිවයින රජයේ සහතිකය මත එරට ජනතාවට ශ්‍රී ලංකාවේදී වකුගඩු සැත්කම් සිදුකිරීමට අවස්ථාව ලැබෙන අතර ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් මාලදිවයිනට පැමිණෙන විට ක්‍ෂය රෝග පරීක්ෂණ සිදුකිරීමේ අවශ්‍යතාව මාලදිවයින සෞඛ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙන ලදී.