FAST NEWS

24×7 Around the Globe

යාපනයේ ආරක්ෂාව දැඩි කෙරේ..

කෝපායි ප‍්‍රදේශයේ දී පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට යතුරුපැදිවලින් පැමිණි කිසියම් පිරිසක් තියුණු ආයුධ යොදා ගනිමින් සිදු කළ පහරදීමෙන් පසුව යාපනයේ ආරක්ෂාව දැඩි කිරීමට පොලිසිය පියවර ගෙන තිබේ.

මෙම පහරදීම ඉකුත් සමයේ දැඩි කතාබහට ලක්වූ ආවා කල්ලියේ ක‍්‍රියාවක්දැයි සැක පහල වී ඇති බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරන ලදි.

කෙසේ වෙතත් පහරදුන්නේ කවුරුන්දැයි මෙතෙක් අනාවරණ වී නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කිරීම සඳහා පොලිස් කණ්ඩායම් 04ක් අනියුක්ත කර ඇත.