අන්තරේ විරෝධතා පා ගමන පේරාදෙණියෙන් ඇරඹීමට නියමිතයි..
මාළඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට විරෝධය පළ කරමින් අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය සංවිධාන කරන විරෝධතා පා ගමන අද (31) පේරාදෙණිය විශ්වවිද්‍යාලය අසලින් ආරම්භ කිරීමට නියමිතය.
ශිෂ්‍ය බල මණ්ඩලයේ වැඩබලන කැඳවුම්කරු සනත් බණ්ඩාර කියා සිටියේ දින 05 ක් ක්‍රියාත්මක මෙම විරෝධතා පා ගමන අවසානයේ කොළඹට ළගාවීමට නියමිත බවයි.
මේ සඳහා වෘත්තිය සමිති මෙන්ම තවත් සිවිල් සංවිධාන කිහිපයක්ද සහභාගි වන බවද ඔහු සඳහන් කළේය.
++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++
මාළඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට විරෝධය පළ කරමින් අද(31) පෙරවරුවේ ආරම්භ වූ අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය කොළඹ දක්වා සංවිධාන කර ඇති විරෝධතා පා ගමන මේ වනවිට පේරාදෙණිය නගරය පසු කරමින් ඉදිරියට පැමිණෙමින් සිටියි.
අද ආරම්භ කළ මෙම විරෝධතා පා ගමන හේතුවෙන් කොළඹ – නුවර මාර්ගයේ ගලහ හන්දිය අසළ දැඩි රථවාහන තදබදයක්ද ඇතිවුණි.








