FAST NEWS

24×7 Around the Globe

පළාත් කිහිපයකට ඇති වන වර්ෂාව පිළිබද කාලගුණයෙන් නිවේදනයක්..

බස්නාහිර, මධ්‍යම, සබරගමුව සහ දකුණු පළාත්වලට අද(31) දිනයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

විශේෂයෙන් එම දෙපාර්තමේන්තුව නිවේදනය කළේ කොළඹ, මහනුවර, ගාල්ල, කළුතර, රත්නපුර, කෑගල්ල, බදුල්ල, ත්‍රිකුණාමලය, වවුනියාව සහ මුලතිව් දිස්ත්‍රික්කවලට මිලිමීටර 50 ත් 75 අතර තරමක් තද වැසි බලාපොරොත්තු විය හැකි බවයි.

එමෙන්ම පුත්තලම සිට කොළඹ හරහා ගාල්ල දක්වා මෙන්ම ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල සුළං වේගය පැයට කිලෝමීටර 55 ත් 60 ත් දක්වා වැඩිවිය හැකි බවද එහි දැක්වෙයි.