FAST NEWS

24×7 Around the Globe

පීඩාවට පත් ජනතාවට වියළි ආහාර සලාකයක්..

දිස්ත්‍රික්ක කිහිපයකට බලපා ඇති වියළි කාලගුණය හේතුවෙන් පීඩාවට පත් ජනතාවට වියළි ආහාර සලාකයක් ලබාදෙන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අදාළ අංශ වෙත උපදෙස් ලබාදී තිබේ.

එමෙන්ම ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කළේ වියළි කාලගුණය පවතින ප්‍රදේශවල ජනතාවගේ පානීය ජල අවශ්‍යතා ඇතුළු අනෙකුත් අවශ්‍යතා සපුරාලීමටත්, ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපාදන කඩිනමින් ලබාදීමටත් උපදෙස් ලබාදී ඇති බවයි.