FAST NEWS

24×7 Around the Globe

රාජ්‍ය ඖෂධ සංස්ථා සේවකයින්ගේ වැටුප් සීයයට 70 කින් ඉහළට..

අදියර 03 ක් යටතේ වසර 03 ක දී සියයට 70 ක් දක්වා රාජ්‍ය ඖෂධ සංස්ථා සේවකයින්ගේ වැටුප් වැඩි කරන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.

 රාජ්‍ය ඖෂධ සංස්ථාවෙි සේවකයින්ගේ වැටුප් වැඩි කිරීම පිළීබදව වෘත්තීය සමිති නායකයින් සමග සෞඛ්‍ය අමාත්‍යවරයා විශේෂ සාකචිඡාවක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී පවත්වන ලදි. ‍ෙ

ඒ අනුව 2017 වසරේ ඉතිරි මාස 04 තුල සියයට 30 ක් ද, 2018 වසරේ දී සියයට 20 ක් ද, 2019 වසරේ දී සියයට 20 කින් ද, වැටුප් වැඩි කිරිමට සැළසුම් කර ඇත. එම සැළසුමට මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාගෙන් අනුමැතිය ලබාගන්නා බව සෞඛ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කරන ලදි. මෙම වැටුප් වැඩි කිරිම සදහා රුපියල් මිලියන 200 ක මුදලක් වැය වෙයි. රාජ්‍ය ඖෂධ සංස්ථාව රුපියල් බිලියන 1.9 ක ලාභයක් 2016 වසරේ දී ලබා ඇත. ලාභය වැඩි වනවිට එය සේවක සේවිකාවන්ට ද ලබාදිය යුතු බව සෞඛ්‍ය අමාත්‍යවරයා මෙහිදී පැවැසීය. අනාගත ආයෝජන සදහා ද මුදල් තබාගත යුතු බව ද අමාත්‍යවරයා පෙන්වා දෙන ලදි.

වැටුප් වැඩිවීමෙි ක්‍රමවේදයට රාජ්‍ය ඖෂධ සංස්ථාවෙි සියළුම වෘත්තීය සමිතිවල ද සහයෝගය ලැබී ඇත. සෞඛ්‍ය අමාත්‍යවරයා පසුගිය මැයි මාසයේ දී රාජ්‍ය ඖෂධ සංස්ථාව තුල කරන ලද සංචාරයක දී මෙවැනි වැඩපිළීවෙලක් සකස් කරන ලෙස පාලනාධිකාරියට දැනුම් දෙන ලදි.

රාජ්‍ය ඖෂධ සංස්ථාවෙි ඔසුසල් 34 ක් මෙි වනවිට ක්‍රීයාත්මකය. ඉදිරියේ දී පේරාදෙනිය, පිළියන්දල, හික්කඩුව, අක්කරෙයිපත්තුව, දඹුල්ල, මාතලේ, අම්බලන්ගොඩ වැනි නගර වල නව ශාඛා විවෘත කිරීමට නියමිතය.

මෙම සාකචිඡාවට රාජ්‍ය ඖෂධ සංස්ථාවෙි සභාපති නීතිඥ සරත් ලියනගේ මහතා, කළමණාකාර අධ්‍යක්ෂ ආචාර්ය එචි.එම්.එම් රූමි මහතා, සාමාන්‍යාධිකාරි දිනුෂ දසනායක යන මහත්වරුන් සහ අධ්‍යක්ෂවරුන්, වෘත්තීය සමිති නායකයින් එක්ව සිටියහ.