FAST NEWS

24×7 Around the Globe

ජනපති ශ්‍රීලනිපයේ සභාවන්හි විශේෂ රැස්වීමක් කැඳවයි..

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සමස්ත ලංකා කාරක සභාව සහ විධායක සභාව යන දෙකම රැස් කිරීමට පක්ෂ සභාපති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා උපදෙස් ලබා දී ඇති අතර ඒ අනුව හෙට (28) රාත්‍රී 08 බණ්ඩාරනායක සම්මන්ත්‍රණශාලා පරිශ්‍රයේ දී සභාවන් රැස් කිරීමට පක්ෂ මහ ‍ලේකම් දුමින්ද දිසානායක මහතා පියවර ගෙන තිබේ.

මෙහිදි දේශපාලන තීන්දු කීපයක්ම ගැනීමට නියමිත බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආරංචි මාර්ග පවසයි.

ක්ෂයේ විනය කඩ කළ මන්ත්‍රීවරුන්ට ගනු ලබන විනය පියවර පිළිබඳ මෙන්ම පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වීම, ඉදිරියේ එන පළාත් සභා ඡන්දය සඳහා තරගවැදීම ඇතුළු කාරණා රැසක්ද මෙහිදී සාකච්ඡා කිරීමට නියමිත බව පැවසේ.

(DE සිල්වා)