FAST NEWS

24×7 Around the Globe

හිටපු ගුවන් හමුදාපති අබේවික්‍රමට සිතාසී..

හිටපු ගුවන් හමුදාපති හර්ෂ දුමින්ද අබේවික්‍රම මහතාට ලබන නොවැම්බර් මස 02 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස අවසන් වරට සිතාසි නිකුත් කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකඍණය අද (27) නියෝග කළේය.

නඩුවකට අදාළව සාක්ෂි ලබාදීම සදහා අද දිනයේ අධිකරණයේ පෙනී සිටින ලෙස දන්වා හිටපු ගුවන් හමුදාපති හර්ෂ දුමින්ද අබේවික්‍රම මහතාට සිතාසි නිකුත් කර තිබුණ ද ඔහු අද දිනයේ අධිකරණයට ඉදිරිපත්ව නොවීම නිසා මෙම සිතාසි නිකුත් කිරීම සිදු කළේය.

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා බැව් අඟවමින් අම්පාර හිටපු නගරාධිපති ඉන්දික නලින් නමැති අය හිටපු ගුවන් හමුදාපතිවරයාට දුරකථන ඇමතුමක් ලබාදී ඔහු විසින් ගුවන් හමුදා භටයෙකුට ලබාදී තිබුණු ස්ථාන මාරුවක් අවලංගු කරන ලෙස දන්වා සිටීමේ සිද්ධියකට අදාළව පවරා ඇති නඩුවක ද1වෙනි සාක්ෂිකරු ලෙස හෙතෙම සටහන් කර තිබේ.

(DE සිල්වා)