FAST NEWS

24×7 Around the Globe

නෙවිල් ප්‍රනාන්දු රෝහලේ මෙහෙයුම් සඳහා මසකට රජයෙන් කෝටි 20 ක්..

රජය වෙත පවරාගත් මාලබේ නෙවිල් ප්‍රනාන්දු රෝහලේ මෙහෙයුම් වියදම් සඳහා මාසයකට රුපියල් කෝටි 20 බැගින් රජයේ ප්‍රතිපාදන සැලසීමට ඇමැති මණ්‌ඩලය තීරණය කර ඇති අතර, ලබන මස 01 වැනිදා සිට නෙවිල් ප්‍රනාන්දු රෝහල ශික්‍ෂණ රෝහලක්‌ ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය යටතට පත්වනු ඇත.

එම රෝහල ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහල ස්‌ථාපනය කර ඇති ආකාරයට පාර්ලිමේන්තු පනතකින් සංස්‌ථාපනය කිරීමට නියමිතය.

එලෙස පනතක්‌ මඟින් සංස්‌ථාපනය කරන තෙක්‌ එම රෝහල හිටපු සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් වෛද්‍ය අජිත් මෙන්ඩිස්‌ මහතාගේ සහභාගීත්වයෙන් යුත් පාලක මණ්‌ඩලයක්‌ යටතට පත් කිරීමට ද අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇත.

(DE සිල්වා)