FAST NEWS

24×7 Around the Globe

දින 05 ක සයිටම් විරෝධී පාගමනක්..

සයිටම් අහෝසි කරන්නැයි රජයට බලකිරීම සඳහා මේ මස 31 වැනිදා සිට දින 05ක විරෝධතා පාගමනක් හා රැලියක් පවත්වන බව අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය සඳහන් කරයි.

එ අනුව 31 වැනිදා පේරාදෙණිය විශ්වවිද්‍යාලය ඉදිරිපිටින් මෙම පාගමන ආරම්භ කර 04 වැනිදා කොළඹට පැමිණ කොළඹදී මෙම රැලිය පවත්වන බවද එම සංගම කියයි

විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්, වෛද්‍ය පීඨ ශිෂ්‍යයන්, භික්ෂු අන්තරය, දෙමාපිය සංගම්, වෘත්තීය සමිති එක්ව මෙම පාගමන හා රැලිය පවත්වන බවද එම සංගමය පවසයි.

(DE සිල්වා)