මගියෙකුට පහර දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් හලාවත දුම්රිය ස්ථානාධිපතිවරයා,ආරක්ෂක නිලධාරියෙකු සහ තවත් සේවකයකු ඇතුළු තිදෙනකු අත්අඩංගුවට ගත් බව හලාවත පොලීසිය කියයි.
පසුගිය අප්රියෙල් මාසයේ දී වලංගු ප්රවේශ පත්රයක් නොමැතිව දුම්රියේ ගමන් කිරීමට සුදානම් වූ බව කියන මගීයෙකු හලාවත දුම්රිය ස්ථානාධිපතිවරයා විසින් අල්ලා හලාවත පොලීසියට බාර දී ඇති අතර පසුව එම සැකකරුව ප්රතිකාර සදහා හලාවත මහ රෝහලට ඇතුළත් කිරීමට සිදුවු බව පොලීසිය කියයි.
අනතුරුව සැකකරු අධිකරණය වෙත ඉදිරිපත් කළ අවස්ථාවේදී ඔහු විවෘත අධිකරණය හමුවේ පවසා ඇත්තේ දුම්රිය ස්ථානාධිපතිවරයා ඇතුළු තිදෙනකු තමන්ට පහර දුන් බව ප්රකාශ කර තිබේ.
ඒ අනුව මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කරන ලෙස හලාවත දිසා විනිසුරු හේෂාන්ත ද මෙල් මහතා හලාවත පොලීසියට නියෝග කර ඇත.
එම නියෝගයට අනුව විමර්ශන කටයුතු සිදු කර ඇති හලාවත පොලීසිය අදාල පුද්ගලයින් තිදෙනා අත්අඩංගුවට ගැනීමට කටයුතු කළ බව පොලීසිය වැඩි දුරටත් කියයි.
(DE සිල්වා)








