FAST NEWS

24×7 Around the Globe

පළමුවැනි ඉන්ධන බවුසරය පෙරවරු 10ට නිකුත් වෙයි!

පළමුවැනි ඉන්ධන බවුසරය අද (26) පෙරවරු 10 පමණ වන විට තෙල් සංස්ථාවෙන් ලබාදීමට හැකිවන බව හමුදා මාධ්‍ය ප්‍රකාශක බිගේඩියර් රොෂාන් සෙනෙවිරත්න මහතා මාධ්‍ය වෙ සඳහන් කළේය.

ඉන්ධන අත්‍යවශ්‍ය සේවාවක් බවට ඊයේ (25) මධ්‍යම රාත්‍රීයේ ගැසට් නිවේදනයක් මගින් පත්කර තිබෙන නිසා හමුදා සාමාජිකයින් තෙල් සංස්ථා පරිශ්‍රයට මේවනවිට ඇතුල් වී තිබෙන බවද හෙතෙම පවසා සිටියේය.

එහිදී සේවය කරන සේවකයින්ට ආරක්ෂාව සපයමින් පාලන අධිකාරියේ සහයෝගය මත හමුදාව යොදවා ඉන්ධන බෙදාහරින බවද හෙතෙම අවධාරණය කර සිටියේය.

ඛනිජ තෙල් සේවකයින් පෙරේදා (24) මධ්‍යම රාත්‍රී සිට ආරම්භ කළ වැඩවර්ජනයට මේ වනවිට දින දෙකක් ගතවී තිබේ.

(DE සිල්වා)