සයිටම් විරෝධී ජන පවුර සංවිධානය කරන උද්ඝෝෂණය හා සමුළුව අද(25) දහවල් ආරම්භ විය.
එ අනුව මෙ වන විට සරසවි සිසුන් විශාල පිරිසක් කොළඹ ජාතික රෝහල අසල සිට ලිප්ටන් වටරවුමට පැමිණ උද්ඝෝෂණයේ නිරත වන අතර තවත් සුළු මොහොතකින් කොළඹ විහාර මහාදේවී එළිමහන් රංග පීඨයේ දී සයිටම් විරෝධී මහ සමුළුව ආරම්භ වීමට නියමිතය.
(DE සිල්වා)








