FAST NEWS

24×7 Around the Globe

රජයේ වෛද්‍ය නිලධාරීහු වර්ජනය අත්හැර දමති..

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද (25) පෙරවරු 08 සිට දීප ව්‍යාප්තව ආරම්භ කර තිබූ පැය 24 ක සංකේත වැඩ වර්ජනය අත්හිටුවීමට තීරණය කර තිබේ.

නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය සාගල රත්නායක සමග පැවති සාකච්ඡාවකින් අනතුරුව එම සංගමය මාධ්‍ය වෙත සදහන් කළේය.

එ අනුව අද පස්වරු හතර පමණ වනවිට රෝහල්වල කටයුතු යථා පරිදි සිදුවනු ඇති බව සංගමය පවසයි.

(DE සිල්වා)