ප්‍රශ්නගත බැඳුම්කර ගණුදෙනුව පිළිබඳව පරීක්ෂණ පවත්වන ජනාධිපති කොමිසම හමුවේ හෙට(26) දිනයේදී පෙනී සිටින ලෙස විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායක මහතාට කොමිසම විසින් දැනුවත් කර තිබේ.
අද (25)දිනයේදී ඔහුට කොමිසම හමුවට පැමිණෙන ලෙස දන්වා තිබුණත් අද දිනයේදී තමන්ට ඒ සඳහා සහභාගිවිය නොහැකි බවට තීනිඥවරයෙකු මාර්ගයෙන් රවී කරුණානායක මහතා කොමිසම වෙත දන්වා සිටිටමට කටයුතු කර තිබුණේය.
මතභේදයට තුඩුදුන් බැඳුම්කර ගනුදෙනුව සිදුවන කාලසීමාවේදී මුදල් අමාත්‍යවරයා ලෙස රවි කරුණනායක මහතා කටයුතු කළේය.
(DE සිල්වා)








