සිය කීර්ති නාමයට හානි කළේයැයි සම්බන්ධයෙන් රුපියල් මිලියන පන්සිය බැගින් වන්දි ඉල්ලා ශ්‍රී ලංකා වරාය අධිකාරියේ වෘත්තීය සමිති නායකයින් දෙදෙනකුට එරෙහිව ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග මහතා කොළඹ දිසා අධිකරණයේ නඩු පවරා තිබේ.
ප්‍රසන්න කළුතරගේ සහ ලාල් බංගමුව යන පුද්ගලයින්ට එරෙහිව අමාත්‍යවරයා මෙසේ නඩු පවරා ඇත.
මහජනතාව නොමඟ යන අයුරින් අසත්‍ය කරුණු ප්‍රකාශ කරමින් තම කීර්ති නාමයට හානි කර ඇති බවත් ඊට වන්දි ලෙස තනි තනිවම රුපියල් මිලියන 500ක වන්දියක් ගෙවිය යුතු බවත් මෙම නඩුවෙන් හෙතෙම අවධාරණය කර ඇත.
(DE සිල්වා)








