FAST NEWS

24×7 Around the Globe

පාළාත් සභා මැතිවරණයට නාම යෝජනා කැඳවිම ඔක්තෝබර් 02 වැනිදා..

තව මාස දෙකකින් කාලය අවසන් වන සබරගමුව, නැඟෙනහිර සහ උතුරු මැද පළාත් සභාවලට නාම යෝජනා කැඳවීමේ නිවේදනය ඔක්තෝබර් 02 වැනිදා නිකුත් කරන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා  පසුගිය 22 වැනිදා බලන්ගොඩ  පැවති රැස්වීමක් අමතමීන් සඳහන්  කළේය.

මොනම හේතුවක් මතවත් පළාත් සභා මැතිවරණය කල් දමන්න බැරි බවද හෙතෙම අවාධරණය කරයි.

මැතිවරණය කල්දමනවා නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක කැමැත්ත වගේම ජනමත විචාරණයකුත් අවශ්‍ය බව යෝජනා කරන බවද කොමිසමේ සභාපතිවරයා අවධාරණය කරයි.

මේ සියල්ල තීරණය කරන්නේ ශ්‍රේෂ්ඨාධිකරණය බවද දේශප්‍රිය මහතා ප්‍රකාශ කරයි.

එසේම ඔක්තෝබර් 2 වැනිදා නාම යෝජනා කැඳවීමේ දිනය තීරණය කළාම දෙසැම්බර් මුල් සතියේ ඡන්දය පැවැත්විමට සිදුවන බවද හෙතෙම වැඩි දුරටත් පැවසීය.

(DE සිල්වා)