FAST NEWS

24×7 Around the Globe

18 වංගුව බස් අනතුරිකින් 22 ක් රෝහලේ..

අද (24) පෙරවරු මහනුවර සිට මහියංගණය දෙසට ධාවනය වෙමීන් පැවති බස්රථයක් මහියංගණය – මහනුවර ප්‍රධාන මාර්ගයේ 18 වංගුව ප්‍රදේශයේදී ඉවතට පැන සිදුවූ  අනතුරින් එහි ගමන් ගත් මගීන් 22ක් මංහියංගණය රෝහලට ඇතුලත් කළ බව පොලීසිය පවසයි.

බස් රථයේ තිරිංග අක්‍රියවීමෙන් මෙම අනතුර සිදුව ඇති බවට මූලික පොලිස් පරීක්ෂණවලදී අනාවරණ වු බවද පැවසේ.

අනතුරින් තුවාල ලබා මහියංගණය රෝහලේ ප්‍රතිකාර ලබන දෙදෙනෙකුගේ තත්ත්වය බරපතළ බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කර සිටියේය.

(DE සිල්වා)