FAST NEWS

24×7 Around the Globe

ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රීකට් සංචිතය නම් කෙරේ…

සංචාරක ඉන්දීය කණ්ඩායම සමග 26 වැනිදා ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිත පළමු ටෙස්ට් තරගය සඳහා ක්‍රීඩකයින් 15 දෙනෙකුගෙන් යුත් සංචිතයක් ශ්‍රී ලංකා ක්‍රීකට් ආයතනය නිළ වශයෙන් නිවේදනය කර සිටියි.

ටෙස්ට් කණ්ඩායමේ නිත්‍ය නායක දිනේෂ් චන්දිමාල් අසනීප තත්ත්වයෙන් පසු වීම නිසා මෙම තරගයේ නායකත්වය රංගන හේරත් වෙත ලබා දී තිබේ.

සංචිතය – රංගන හේරත්, උපුල් තරංග, දිමුත් කරුණාරත්න, කුසල් මෙන්ඩිස්, ඇන්ජලෝ මැතිව්ස්, අසේල ගුණරත්න, නිරෝෂන් දික්වැල්ල, ධනංජයද සිල්වා, ධනුෂ්ක ගුණතිලක, දිල්රුවන් පෙරේරා,සුරංග ලක්මාල්, ළහිරු කුමාර, විශ්ව ප්‍රනාන්දු, මලින්ද පුෂ්පකුමාර, නුවන් ප්‍රදීප්

(DE සිල්වා)