FAST NEWS

24×7 Around the Globe

උතුරේ පෞද්ගලික බස් වර්ජනයේ..

යාපනය මහාධිකරණ විනිසුරු එම්. ඉලංචේලින් මහතාගේ ආරක්ෂකයින් වෙඩි තැබීමට විරෝධය පාමීන් අද (24) උතුරු පළාතේ සියලුම පෞද්ගලික බස් රථ ධාවනයෙන් ඉවත් වීමට පියවර ගෙන ඇති බවට උතුරේ පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසයි.

පෞද්ගලික බස් රථ ධාවනයෙන් ඉවත් වුවද ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් රථ ධාවන කටයුතු වල නිරත වන බවද වාර්තා වේ.

(DE සිල්වා)