FAST NEWS

24×7 Around the Globe

  රජයේ වෛද්‍ය නිලධාරීහු වර්ජනයකට සැරසෙති..

රයන් ජයලත් ශිෂ්‍යයා පැහැරගෙන යාමට පැමිණි වෑන්රථය කාගේද යන්න ඇතුළු ඉල්ලීම් 05කට අද (24ද) දිනය තුළ පිළිතුරු නොලැබුණහොත් හෙට (25) දිනයේ පෙරවරු 07 සිට රට පුරා පැය 24 ක සංකේත වැඩවර්ජනයක් සිදුකරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

මීට අමතරව රයන් ජයලත් ශිෂ්‍යයා පැහැර ගැනීමට පැමිණි පිරිස්වලට නීතිය ක්‍රියාත්මක විය යුතු බවත්, සිදුකරන ශිෂ්‍ය මර්දනයට ජාතියෙන් සමාවගෙන සිරගත කර සිටින ශිෂ්‍යයන් වහාම  නිදහස් කර මෙවැනි සිද්ධි වළක්වා ගැනීමට රටට ප්‍රතිඥාවක් ලබාදිය යුතු බවද එම සංගමයේ පෙන්වා දෙයි.

(DE සිල්වා)