FAST NEWS

24×7 Around the Globe

උතුරේ නීතිඥවරු අධිකරණ කටයුතුවලින් ඉවත් වෙති.

යාපනය මහාධිකරණ විනිසුරු එම්.ඉලන්චේලියන් මහතා ඉලක්ක කර ගනිමින් වෙඩි ප්‍රහාරයක් එල්ලවීමට විරෝධය පළ කිරීම සහ එම වෙඩි තැබීමෙන් පොලිස් නිලධාරියෙකු මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් උතුරේ නීතිඥවරුන් අද(24) අධිකරණ කටයුතුවලින් ඉවත්වීමට තීරණය කර ඇති බව වාර්තා වේ.

එ අනුව මන්නාරම, චාවකච්චේරි, කයිට්ස්, වව්නියාව, කිලිනොච්චිය සහ මුලතිව් අධිකරණවල කටයුතුවලින් ඉවත්ව ඇති බවත් පැවසේ.

(DE සිල්වා)