FAST NEWS

24×7 Around the Globe

ජුනි මාසයේ මෙරට උද්ධමනය පහළට..

පසුගිය ජුනි මාසයේ මෙරට උද්ධමනය 6.3% දක්වා පහළ ගොස් ඇති බව ජනලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේත්තුව පැවැසීය.

ජනලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේත්තුවේ නවතම වාර්තා පෙන්වා දෙන්නේ පසුගිය මැයි මාසයේ මෙරට උද්ධමනය 7.1% ලෙස පැවතුන අතර ඒ අනුව මෙම වසරේ මැයි මාසයට සාපේක්ශව ජුනි මාසයේ උද්ධමනය 0.8% පහළ ගොස් ඇති බවයි.

කෙසේ වෙතත් මාසික වෙනස්වීම සැලකූවිට ජාතික පාරිභෝගික මිල දර්ශකය ඉකුත් මැයි මාසයේ වාර්තා කල දර්ශක අංක 121.8 ක අගය ජුනි මාසයේදී දර්ශක අංක 123.4 දක්වා ඉහල ගොස් තිබේ.

ආහාර ඛාණ්ඩය තුල සහල්, මාළු, අමු මිරිස්, රතු ළූණු, කරවල, කුකුල් මස් මිල ගණන් සහ ආහාර නොවන ඛාන්ඩයේ ගෘහ භෘණ්ඩ, රෙදි පිළි, මධ්‍යසාර වැනි භාණ්ඩ මිල ගණන් ඉහල යාම මෙම තත්වයට හේතු වී ඇති බව වාර්තා වේ.