ඩෙංගු රෝගීන් පෞද්ගලික රෝහල්වලින් සිදු කරන පුර්ණ රුධිර පරීක්ෂණ වාර්තාව පැය 02 ක් ඇතුළත නිකුත් කිරීමට නොහැකි වුවහොත් ප්‍රතිකාර කිරීමට එය වලංගු නොවන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආයතන ප්‍රධානීන්ගේ රැස්වීමට අද (21) පෙරවරුවේ එක්වෙමින් සඳහන් කළේය.
ඇතැම් පෞද්ගලික රෝහල් පුර්ණ රුධිර පරීක්ෂණ වාර්තා නිකුත් කිරීමට පැය 02 කට වැඩි කාලයක් ගන්නා බවට වෛද්‍යවරුන්ගෙන් ලැබුණු පැමිණිලි මත අවධානය යොමු කරමින් සෞඛ්‍ය හෙතෙම මෙ බව අවධාරණය කළ බවද පැවසීය.
වාර්තා ප්‍රමාද වීම නිසා ප්‍රතිකාර කිරීමේ ගැටළු මතුවන බව වෛද්‍යවරුන් පෙන්වා දී ඇති බවත් ,එම නිසා පෞද්ගලික රෝහල්වලින් පුර්ණ රුධිර පරීක්ෂණ වාර්තා පැය 02 කට පෙර නොලැඛෙන්නේ නම් රජයේ රෝහලකට පැමිණ නොමිලේ පරීක්ෂණ කටයුතු සිදු කර ගන්නා ලෙස සෞඛ්‍ය අමාත්‍යවරයා ජනතාවගෙන් ඉල්ලා සිටියි.
(DE සිල්වා)








