FAST NEWS

24×7 Around the Globe

පළාත් කිහිපයකට වැසි වැටෙයි..

බස්නාහිර, මධ්‍යම, දකුණ, සබරගමුව සහ වයඹ පළාත්වල අද (21) දිනයේ වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තු නිවේදනයෙහි සඳහන් වෙයි.

මිට අමතරව මොණරාගල සහ අම්පාර දිස්ත්‍රික්කවල ස්ථාන ස්වල්පයක සවස 02.00 පසු ගිගුරුම් වැසි ඇති විය හැකි බවද එහි සඳහන් වෙයි.

මේ අතර මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු සහ උතුරු – මැද පළාත්වලත්, මාතලේ සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් සුළඟේ වේගය පැ.කි.මීත 40 – 50 අතර තරමක් තද සුළං ඇති විය හැකි බව සඳහන්.

(DE සිල්වා)