FAST NEWS

24×7 Around the Globe

අර්ජුන මහේන්ද්‍රන් යළි බැදුම්කර කොමීසමට කැඳවේ..

හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතා යළිත් මහ බැංකු බැඳුම්කර වංචාව ගැන විමර්ශන කරන ජනාධිපති කොමිසම වෙත කැඳවීමට ඊයේ (20) තීරණය කර තිබේ.

එ අනුව අර්ජුන මහේන්ද්‍රන් මහතාට අමතරව පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ ඉහළ නිලධාරීන් ද මෙම කොමිසම වෙත කැඳවීමට නියමිතය.

ප්‍රශ්නගත බැඳුම්කර නිකුතුව සම්බන්ධයෙන් යළිත් ප්‍රකාශයක් ලබාගැනීම සඳහා මොවුන් කොමිසම වෙත කැඳවීමට තීරණය කර ඇත.

මහ බැංකුවේ සහ රජයේ පාර්ශ්වය නියෝජනය කළ සියලු සාක්ෂිකරුවන් කොමිසම හමුවේ සාක්ෂි දීම අවසන් කිරීමෙන් අනතුරුව මෙම කැඳවීම සිදු කර ඇත.

(DE සිල්වා)