ජාතික නිදහස් පෙරමුණ අද පෙරවරුවේ මානව හිමිකම් කොමිසමට ගොස් තිබෙනවා. ඒ, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මෙවර මැතිවරණයේ අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත්ව ඇති බැවින් ඔහුගේ ආරක්ෂාව අඩු කරන ලෙස ඉල්ලා ජනතා විමුක්ති පෙරමුණ එම කොමිසම හමුවේ ගොනුකළ පෙත්සමට මැදිහත්වීමට අවස්ථාව ලබාදෙන ලෙස ඉල්ලමින්.







