FAST NEWS

24×7 Around the Globe

ලලිත් ජයසිංහගේ පොලිස් සේවය අත්හිටුවයි..

යාපනය පුංගුඩුතිව්හි සිවයෝගනාදන් විද්‍යා සිසුවිය ඝාතනයේ ප්‍රධාන සැකකරු වූ ස්‌විස්‌ කුමාර්ට පැන යැමට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් රක්‍ෂිත බන්ධනාගාරගත කර සිටින ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්‌පති ලලිත් ජයසිංහ මහතාගේ සේවය අත්හිටුවීමට ජාතික පොලිස්‌ කොමිෂන් සභාව ඊයේ (20) තීරණය කළ බව එහි ලේකම්වරයා මාධ්‍ය වෙත පැවසීය.

පොලිස්‌පති පූජිත් ජයසුන්දර මහතා විසින් පොලිස්‌ කොමිසම වෙත කරන ලද නිර්දේශයක්‌ සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගත් බවද හෙතෙම පැවසීය.

විද්‍යා ඝාතනයේ ප්‍රධාන සැකකරු වන ස්‌විස්‌ කුමාර් යාපනය පොලිසියට භාරදීමෙන් පසුව ඔහුට පැනයැමට ආධාර දීමේ චෝදනාව යටතේ ඉකුත් සතියේ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්‌පති ලලිත් ජයසිංහ මහතා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්‍ෂිත බන්ධනාගාරගත කෙරිණි.

(DE සිල්වා)