FAST NEWS

24×7 Around the Globe

මුතුරාජවෙලට කුණු දැමීමට එරෙහි නියෝගය දිගු කෙරේ..

මුතුරාජවෙලට කසළ බැහැර කිරීම සඳහා කොළඹ මහනගර සභාවට එරෙහිව පනවා තිබු තහනම් නියෝගය ජුලි මස 25 දක්වා දීර්ඝ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (20) තීරණය කළේය.

මුතුරාජවෙල පාරිසරික සංරක්ෂිත කලාපයට කැලි කසළ බැහැර කිරීම තහනම් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පසුගිය ජුලි මස 5 වන දින තහනම් නියෝගයක් නිකුත් කරනු ලැබීය.

මුතුරාජවෙල ප්‍රදේශයේ අදාළ බිම් කොටස පාරිසරික සංරක්ෂිත කලාපයක් ලෙස නම් කර තිබියදී එම ප්‍රදේශයට  කසළ බැහැර කිරීම තුළින් පාරිසරික හා සෞඛ්‍ය ගැටළු රැසක් පැනනැඟී ඇති බැවින් එම ප්‍රදේශයට කසළ බැහැර කිරීම වළක්වාලීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් ඉල්ලා ප්‍රදේශවාසීන් කිහිපදෙනෙකු විසින් ඉදිරිපත් කර තිබුණු පෙත්සමක් සැලකිල්ලට ගනිමින් අධිකරණය විසින් මෙම නියෝගය කර තිබුණි.

(DE සිල්වා)