FAST NEWS

24×7 Around the Globe

දකුණු කොළඹට පැය 08 ජල කප්පාදුවක්..

අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් අද (20) පස්වරු 09 සිට හෙට (21) අළුයම 05 දක්වා පැය 08 ක කාලයක් දකුණු කොළඹ ප්‍රදේශව කිහිපයක ජල සැපයුම අත්හිටුවන බව ජලසම්පාදන හා ජලාප්‍රවාහන මණ්ඩලය සඳහන් කරයි.

එ අනුව දෙහිවල, ගල්කිස්ස, රත්මලාන, සොයිසාපුර, අත්තිඩිය, කවුඩාන, පැපිලියාන, බෙල්ලන්තොට, නැදිමාල, කළුබෝවිල, නුගේගොඩ, කොහුවල, වැල්ලවත්ත, පාමංකඩ ඇතුලූ ප්‍රදේශවලට මෙසේ ජලය සැපයුම අත්හිටුවේ.

එමෙන්ම අද (20) පෙරවරු 07 සිට හෙට (21) දින පෙරවරු 07 දක්වා පැය 24 ක කාලයක් හම්බන්තොට නගරය සහ ඒ ආශ්‍රිත තදාසන්න ප්‍රදේශවලටද ජල සැපයුම අත්හිටුවන බව ජලසම්පාදන හා ජලාප්‍රවාහන මණ්ඩලය සඳහන් කළේය.

(DE සිල්වා)